My Suggestion

Edit Suggestion

Title : කම්බ හොරු පාර්ලිමේන්තු යනු (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Last Modified Date: 2020-07-30
Category: Politics
Article Code: 116
Keywords: කම්බ හොරු, පාර්ලිමේන්තු



Article

සෑම අඳුරු වළාවකම රිදී රේඛාවක් ඇත.

එසේනම්, හොරාගේ හොඳ මක්කෙයි?

හොරා යනු, අවධානම් ගැනීමට සමත්, නව නිර්මාණ අත්හදා බලන, කාර්යශූර ව්‍යවසායකයෙක්.

ඔහු නෝටි වන්නේ, ධනවාදයට අනුව ආත්මාර්ථකාමී වන නිසයි.

අප රට ආර්ථිකය කඩා වැටෙන්නේ වංචාව නිසානම්, එය ව්‍යවස්ථා ව්‍යුහයේ වරදක්.

චූළසෙට්ඨි ජාතකයට අනුව, බුද්ධිය තිබේනම්, මී කුණෙනුත් ධන සිටුවරයෙක් වෙන්න පුළුවන්.

ආර්ථිකය ලාභදායී කිරීමට හොර හිත ඕනෑමයි.

ඔහොම හිතං, මගේ කාලයාත්‍රාව යොදාගෙන, මෑත අතීතයට ගොස්, දියවන්නාවෙ අම්බලමට පැද්දුවා.
(time travel homemade cartoon)

බලන්න එපෑයැ එහි කාලගෝට්ටිය. ගහපු පදේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ.

මං කෑ ගහල සරලව ඇහුව, "කව්ද මෙතන ඉන්න හොරු?"

225 අත් දෙකම ඔසවා එක් හඬින් කිව්ව "අපි තමයි පට්ට හොරු".
සමහරු කකුල් දෙකත් උස්සල. පස්ස බිම.

ඇමති බබාලට ජැකාගෙ කතාව (bed time story) කියමින් මං අයිතිහාසික දේශනය ඇරඹුවා.

"ජැක් මායා බෝන්චි වැලේ නැග යෝධයාගේ ධනය ගෙන ඒම හොරකමක්.

ඒත් ජැක් ආපසු ගත්තෙ, යෝධයා තම පියානෝගෙන් සොරා ගත් ධනයයි.

එනිසා, කතාව සාධාරණය කරන්නෙ, ජැක් යෝධයාට අභියෝග කළ, නිර්භීත වීරයකු ලෙසයි.

හොරාගෙන් හොරාකන එකා කම්බ හොරෙක්. ඌ නිර්භීත වීරයෙක්.

අපට ඕනෙ ජනතාව වෙනුවෙන් හොරා කන කම්බ හොරු. "

එය ඇසූ 225ම මේසයට තඩිබාමින්, සුපිරි මුඛයෙන් කී වදන් අනුමත කලා.

" කව්ද හොරා.. කම්බ හොරා... "
" කව්ද හොරා.. කම්බ හොරා... "
" කව්ද හොරා.. කම්බ හොරා... "

ඔල්වර හඬ මැද මා සභා ගර්භයෙන් පිටව ගියා.







Video (Youtube)





Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]