Title : මරණ බය (Lakshan)
Author: Lakshan Bandara
Created Date: 2020-08-02
Last Modified Date: 2020-08-02
Category: Religion
Article Code: 120
Keywords: මරණ, ජීවිත, බය
Nuwan:
මම හිතන්නේ,
ආතල් ගන්න ගිහින් thrill එක නිසා තාවකාලිකව මරණ බය නැති වෙන එකටයි
යුද්ධ කරන්න ගිහින් morale එක නිසා තාවකාලිකව මරණ බය නැති වෙන එකටයි
වඩා
ඇත්තටම සදාකාලයටම මරණ බය නැති වෙන එක පට්ටම පට්ට ආධ්‍යාත්මික experience එකක් වෙන්න ඇති.
ආයෙ ඇති නොවෙන්නම නැතිවුණාම!
Lakshan:
ඔබ මරණ බය කියන්නෙ ජීවිත බයට.
මරණය හෙවත් ජීවිතයෙන් සමුගත් පසු සිතන්න පුළුවන්ද?
මරණ බයක් නැත.
ඇත්තේ, මරණය ගැන ජීවිත බයකි.
ජීවිත අපේක්ෂාවෙන් බැඳුනු පසු, මරණය අපේක්ෂා භංග කරන නිසා, දුකක්.
දුක, තවත් අපේක්ෂා භංගත්වයක් නිසා, අනාගතය ගැන භයක්.
ජීවිතයට අරුත් සපයන්නේ අපේක්ෂා.
ජීවිත බැඳීම් නැතිනම්, අපේක්ෂා නෑ.
නිසරු ජීවිතය අත් හල විට, ඔබ කියන මරණ බය නෑ.
එවැනි ජීවිතයක අපේක්ෂා ගොඩ නගන්නේ, ඕනෑම මොහොතක ඒවා අත් හැරීමට, මරණයට සූදානම්වයි.
මා ජීවත් වන්නේ එලෙසයි.
ජීවිත බිය මා හට නැත.
ජීවිතය විඳින්න. විඳවන්න එපා. විඳවනවාට වඩා මරණය සැපයි.
Nuwan:
ඕක ඔහොම කියන්න පුළුවන් ඒත් මරණය අභියසදී හිතේ ඇතිවෙන්නේ බයක්.
ඊලඟ මොහොතේ කුමක් සිදුවේදැයි කුතුහලයක්.
ඒ සිතුවිලි එක්ක සිදුවන මරණය ඇත්තටම අරගලයක්.
තාම නොමැරුණාට මම ඒ අරගලය අඩු වැඩි වශයෙන් කරලා තියෙනවා.
ඒක නිසාම මට තේරෙනවා මා තුළ පවතින අවසාන මොහොතේ කුමක් සිදුවේදැයි නොදන්න කම නිසා ඇතිවන අසාමාන්‍ය භය.
ඒ භය සැමට පොදු බව මගේ හැඟීමයි.
මට හිතෙන්නේ එසේ නොවන්නා ඊට පෙර මරණය අත්විඳි ඒ ගැන අත්දැකීම් ඇත්තෙකු විය යුතුය.
Lakshan:
සෑම සාමාන්‍ය පුද්ගලයකුම ජීවිත බය හඳුනනවා. එය මරණයෙන් ගැලවීමට දිය හැකි විසඳුම නොවේ. උපන් සෑම අයකුම මරණයට පත් වේ.
එයට නොසැලී මුහුණ දිය හැක්කේ, නිර්භීතව තීරණ ගත් අයට පමණයි.
මරණයට පත් විය හැක්කේ එක් වරක් පමණි.
සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීම, ජීවිත බය හඳුනා ගත හැකි අත්දැකීමක් (near death experience). මා ද කුඩා කළ එවැනි අත්දැකීම් ලබා ඇත.
ජීවිත බය නොදැනීමට, සිතුවිලි සමග බැඳීම් අත්හැරීම පුරුදු කළ යුතුයි. එය භාවනාවක්. නිර්භීත තීරණයක්.
එවිට සිතුවිලි ගොඩ නගන්නේ, නෙලුම් කොළය මත දිය බිඳක් මෙනි.
ජීවිත බිය නොදැනෙන අයකු මරණ මොහොතේදී බිය වන්නේ කුමකටද?
Reference:
https://www.facebook.com/100027560686930/posts/641446513450699/?app=fbl
Add Comment
(Last Comment on Top)