My Suggestion

Edit Suggestion

Title : විකල්පයක් නෑ (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-08-05
Last Modified Date: 2020-08-05
Category: Politics
Article Code: 126
Keywords: විකල්ප



Article

Nuwan:

බොහෝ මනුෂ්‍යයන් ලෝකය තුළ පැවැත්ම සහ ලෞකික දියුණුව උදෙසා තම ශරීරය සහ හෘද සාක්ෂිය විකුණන බව මට හැඟේ.

ඔවුන් එසේ කරන්නේ වෙන විකල්පයක් නෑ කියා සිතා විය යුතුය.

පැවැත්ම සහ ලෞකික දියුණුව මරණයත් සමඟ නැතිවේවි.

ඉතින් මේ ඉන්න ටික කාලය තුල විකිණෙන්නේ තම "තණ්හාව" නිසා නොවේද?


Lakshan:

"විකල්පය". ඔබ නිවැරදිව ප්‍රශ්නය හඳුනා ගත්තා.

පටු තීරණ ගන්නේ, සමස්ථය දැකීමට උත්සාහයක් නැති නිසා. එවිට විකල්ප නොපෙනේ. එය මානසික විෂාධියක් (mental depression).

පොකුණ රැකෙන්නේ නැතුව එහි මාළුවා රැකෙන්නේ කෙසේද?

අප රට ආර්ථික මූල අර්බුධයත් මෙයයි.

මිනිසාට බුද්ධිමත්ව සිතන්න දිරි දෙන නිවැරදි අධ්‍යාපනය මෙයට විසඳුමයි. (counselling)


Nuwan:

මාළුවා තමාව රැකගන්න කියා තමාව රැක්කත් පොකුණ රැක්කත් කරන්නේ රකින එකය.

රැකීම හෝ රැකීමට උත්සහ දැරීම තණාහාවේම හැඩතලයන්ය.

ඒ මාළුවා තමාවත් පොකුණත් රකින එක හෝ ඒ ගැන වද වීම පසෙක තබා අපේක්ෂා විරහිතව නිදහසේ සිටීම විකල්පය කියා මා සිතමි.


Lakshan:

උපන් විට දුක පැවැත්මෙහි ලක්ෂණයකි.

එයට තණ්හාවෙන් තොර විසඳුම ලෙස උපන් මොහොතේම මරණය සුදුසුද?

ජීවත් වන්නේ නම්, විඳවන්නේ නැතිව ජීවිතය විඳිය යුතුය.

ජීවිතය අතහැර ජීවත් විය හැක. අපේක්ෂා අත්හැර නිදහසේ නොඇලී අපේක්ෂා ගොඩ නැගිය හැක. නිවණ අත් විඳිමින් ජීවත් විය හැක. නෙළුම් කොළය මත දිය බිඳ එයට නොඇලේ.

තමා සිටින පරිසරය රැකෙන ලෙස ජීවත් නොවීම තණ්හාවෙන් මිදීමක්ද?

සමූල ඝාතනය තණ්හාවෙන් මිදීමද?

ඔබගේ අපේක්ෂාව, පැවත්මෙන් තොර නොපැවැත්ම පමණද?

ජීවත් වීමට තණ්හාව අවශ්‍යයි. දුකෙන් මිදීමට තණ්හාව අතහැරීම අවශ්‍යයි. දුකෙන් මිදෙමින් ජීවත් වීමට පුළුවන. මා අසන්නේ, ජීවත් වීම අවශ්‍ය ද?


Nuwan:

ජීවත්වීමට තණ්හාව අවශ්‍ය යැයි ඔබ සිතනවා නම් ජීවත්වීම අවශ්‍යද යන ප්‍රශ්ණයට පිළිතුර ඔබ විසින් ඔබට දිය යුතු එකකි.

ජීවියෙක් සත්‍යය අවබෝධ කරගන්නේ ජීවත්ව සිටියදීය.

එබැවින් ජීවත්වීම සත්‍යාවබෝධයට අවශ්‍ය යැයි තේරුම් ගැනීම එම පිළිතුරට උදව්වක් වේවි.


Lakshan:

සිතමින් ජීවත් වීම පැවැත්මක්. දුක පැවැත්මෙහි ලක්ෂණයක්. තණ්හාව නිසා දුක හට ගනී. එසේනම්, ජීවත් වීමට තණ්හාව අවශ්‍යයි.

ප්‍රශ්නය නම්, ජීවත් වීම අවශ්‍යද? එය තීරණයක්.

පිළිතුර ඔව් නම්, මාළුවා රැකෙන්නේ පොකුණ රැකුනොත් නොවේද?

සැමගේ පැවැත්ම පිළිබඳව පුළුල්ව සහ මෛත්‍රී සහගතව සිතා බුද්ධිමත් තීරණ ගැනීම, නිදහසේ ජීවත් වීමට බාධාවක් ද?


Nuwan:

අවශ්‍යතාවය මත තීරණ ගැනීම සහ අනවශ්‍ය ලෙස අනවශ්‍ය දේවල් පිළිබඳව තීරණ ගැනීම දෙකක්.

තමා අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ තේරුම් ගත යුතුය.

කොටින්ම සැබෑ අවශ්‍යතාවයකින් තොරව අවශ්‍යතා නිර්මාණය කරගෙන ඒ පිළිබඳව වද වීම අනවශ්‍ය ලෙස මට හැඟේ.

අනෙක පැවැත්ම අවශ්‍යය වීම සහ පැවැත්ම රැකීම යනු දෙකකි. එනම් ජීවත්වීමට ඉඩ ඇති තාක් ජීවත්වීම සහ ඉඩ නැති විට ජීවත්වීම සඳහා අරගල කිරීම යනු දෙකකි.

පැවැත්ම සත්‍යාවබෝධය සඳහා අවශ්‍ය වූවාට සත්‍යාවබෝධයට තණ්හාවෙන් හෝ තම පැවැත්ම අරගල කර රැකීම අවශ්‍ය නැත.

එනම් ජීවත්වීමට තණ්හාවක් නැතිව අවශ්‍යතාවය මත ඉඩ ඇති තාක් ජීවත්විය හැකි බව මට සිතේ.


Lakshan:

ජීවත් වීම අවශ්‍යතාවය නම්, තීරණ ගත යුත්තේ ඒ සඳහාය. ජීවත් වීම අනවශ්‍ය නම්, ඒ සඳහා ද තීරණ ගත හැක.

ගතික පද්ධති වෙනස් වන්නේ, පරිණාමයෙන් සහ අරගලයෙනි.

ජීවත් වීම ගතික නිසා, පැවැත්ම සඳහා තීරණ ගැනේ. උත්සාහයක් නැතිනම්, වැසිකිලි නොගොස්, සිටින ස්ථානයේම මළපහ කළ හැක.

ඉඩ නැති විට ජීවත් වීම සඳහා අරගල කිරීම නිෂ්ඵල ක්‍රියවක්. මා අපේක්ෂා කරන්නේ හොඳ ජීවිතයක් සහ හොඳ මරණයක්.

ඔබ සත්‍යාබෝධය ලෙස සලකන්නේ දුකෙන් මිදීම, නිර්වාණය හෙවත් සිතුවිලි නොපැවැත්ම විය යුතුය.

ජීවත් වීමේදී, ගතික පැවැත්ම සඳහා, නිර්වාණය අත් විඳිමින් යම් අරගලයක් කළ යුතුය.

ඔබ සත් භාවයෙන් දැක්වූ අදහස මට වැටහේ.

ගතින් පැවිද්දෙක් පවතින්නේ දානය ලබමිනි. මහළු මව් පියන්ටවත් නොසළකා, තණ්හාවක් නැතිව ඉඩ ඇති තාක් ජීවත් වීම, ඔවුනට ප්‍රායෝගිකය.

රටක ජනතාවකගේ ප්‍රායෝගිකත්වයත් සැලකිය යුතුය. ඔවුන් ජීවත් වන්නේ මහපොළවේය. පැවැත්ම සඳහා ආර්ථික ක්‍රියාවලියක නියැලේ. ආහාර පිනට පහල වන්නේ නැත. ඒ සඳහා සැලසුම් සහ නිෂ්පාදන ක්‍රියාවක් අවශ්‍යයි. එය සැබෑ අවශ්‍යතාවයකින් තොරව, වද වීමක් නොවේ.

මා ද ඔවුනගේ පැවැත්ම සඳහා දැනුමෙන් සහය වන්නේ සත් භාවයෙනි.



Reference:

https://www.facebook.com/100027560686930/posts/643974279864589/




Pictures (gif/jpg/png)

Short sighted decision making

Short sighted decision making


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]