My Suggestion

Edit Suggestion

Title : අසරණ පණ්ඩිත බව (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-08-06
Last Modified Date: 2020-08-06
Category: Religion
Article Code: 129
Keywords: අසරණ, පණ්ඩිත



Article

Nuwan:

මම මට සමාජය තුළ දැනෙන අසරණකමට කැමතිත් නෑ හැබැයි ඊට විරුද්ධව මා තුළින්ම ගොඩනගා ගත් පණ්ඩිතකමට කැමතිත් නෑ.

වරෙක අසරණකමට එරෙහිව පණ්ඩිතකමත්, වරෙක පණ්ඩිතකමට එරෙහිව අසරණකමත් භාවිතා කරමින් අසරණකම සහ පණ්ඩිතකම අතර දෝලනය වීම මා හට එපා වී ඇත.

ඒ දෙකම නොවන මධ්‍යස්ථකම නම් කිම?

බයෙන් අසරණ වෙනවාය කියා තරහෙන් නපුරු වී හරි යනවාද?

තරහෙන් නපුරු වෙනවාය කියා බයෙන් අසරණ වී හරි යනවාද?

ඒ බයෙන් අසරණත් නොවන තරහෙන් නපුරුත් නොවන මධ්‍යස්ථ බව කුමක්ද?

අවිහිංසාව හිංසනයකින් තොරව රැකගන්න බැරි දුර්වලකමක්ද?

ඒ දුර්වලත් නොවන හිංසාකාරීත් නොවන මධ්‍යස්ථකම කිම?


Lakshan:

ඔබ මතු කළ ගැටළුව ඉතා සුන්දරයි.

උපමා කතාවක් කීමට අවසර.

විශාල උස ගසක් තම ශක්තිමත් කම ගැන කුඩා උණ පඳුරකට පාරම් බෑවා.

දින කීපයකට පසු, මහ කුණාටු සුළඟක් හැමුවා.

උද්දඡ්ච විශාල ගස තම ශක්තිය පෙන්වන්නට ගොස්, උදුරා වැටුනා.

කුඩා උණ පඳුර නම්‍යශීලීව තම පැවැත්ම රැක ගත්තා.

වී කරල පැසී බර වන විට, ගොයම් ගස පහතට නැවේ.

සැබෑ පණ්ඩිතයා ඉතාමත් නිහතමාණී සුන්දර මිනිසෙකි.

එවිට, සමාජය තුල අසරණ බවක් නොදැනේ.

මා බොහෝ විට ජීවත් වන්නේ, තනිවමය.

එහෙත්, සමාජය ඇසුරු කරන අවස්ථා වලදී, උස් තැන් දැක හැකිලෙන්නේ නැතිව, මිටි තැන් දැක පුප්පන්නේ නැතිව, කිසිදු ප්‍රතිචාරයකට ඇලෙනේ සහ සැලෙන්නේ නැතිව, කරුණාවෙන් අදහස් හුවමාරු කර ගැනීමට උත්සාහ ගන්නවා.

එය කාලයක් තිස්ස්සේ, වැරදි නිවැරදි කරමින් ආ ගමන් මගක වර්තමානය.


Lakshan:

බය සහ තරහ යන දෙකේම මූලයන් එකමයි. එනම්, සුරක්ෂිත අනාගතය පිළිබඳ අපේක්ෂා භංගත්වය (insecurity). එහි මූලය තණ්හාව.
එය දුකක්.

බය වන විට ඉන්නේ තරහින්. නකුට දෙපා අතර ගසා, විරිත්තන බල්ලකු ගැන සිහි ගන්වන්න. ඒ වගේම, තරහ ගන්නේ ගැටළුව විසඳා ගත නොහැකි බිය නිසා.

බය සහ තරහ, තමන්ටත් අනුන්ටත් හානි කරන නපුරු කමක්.

බය සහ තරහ යන දෙකේම ප්‍රතිඵලය අසරණ කමයි. එවිට, මනස තිගැස්සී ශරීර විකෘතියක් පෙන්වයි. ඇතැම් විට, කඳුළු කැට පනියි.

මා මෙය කියන්නේ අත්දැකීමෙනි.

ජීවිතය විඳින්න. විඳවන්න එපා. විඳවනවාට වඩා මරණය සැපයි.

විසඳුම නම්, සිතුවිලි බැඳීම හෙවත් තණ්හාව අත හැරීමයි.

සිතුවිලි අත හැරීම රත්තරං කාසි අත හැරීමට වඩා පහසු යැයි බැලූ බැලමට පෙනුනත්, ප්‍රායෝගිකත්වය එසේ නොවේ.

සිතුවිලි අත හැරීමට නිර්භීත තීරණ ගැනීමත්, අධිෂ්ඨානයත්, පුරුදු පුහුණු කිරීමත් ඇවැසියි.



Reference:

https://m.facebook.com/story.php?story_fbid=644970816431602&id=100027560686930




Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]