My Suggestion

Edit Suggestion

Title : බොසාගෙ බොස් (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-09-05
Last Modified Date: 2020-09-05
Category: Forum
Article Code: 131
Keywords: Boss



Article

2020 පාර්ලිමේන්තු ඡන්දය දිනට පෙර දින, මා සන්දිත සමග සුහද සාකච්ඡාවක යෙදුනා.


Sandhitha:
අය්ය ඡන්දය දෙන්නෙ කාටද?


Lakshan:

කාටවත් දෙන්නෙ නෑ. එනිසා ඡන්දෙ දාන්න යන්නෙත් නෑ.


Sandhitha:

ඇයි ඒ? ඔයා නිරෝෂන් පාදුක්කට උදව් කරනවා නේද?


Lakshan:

ඔව්. ඒ යාළුවෙකුට කරන පුද්ගලික උදව්වක්.

මං රට ගැන තීරණ ගන්නෙ, පක්ෂ දේශපාලනයට වඩා ඉහළ තලයක සිට.


Sandhitha:

ඔයා නිතරම ගෝඨගෙ හොඳ කියනව. ඇයි පොහොට්ටුවට ඡන්දෙ නොදෙන්නෙ?


Lakshan:

ගෝඨ ප්‍රතිඵල ගෙන දෙන (result oriented) දක්ෂ කළමණාකරුවෙක්. මා එය අගය කරනව.

ඒත් ඔහු කාල්පනිකයෙක් (visionary) නෙවෙයි.

සංකීර්ණ ගැටළු විසඳන්න ගැඹුරු විසඳුම් සරලව ක්‍රියාත්මක කරන්න ඕන.
(extreme situations need extreme measures)


Sandhitha:

අය්ය ඡන්දය නොදෙන හේතුව මොකක්ද?


Lakshan:

මට රටේ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍යතාවයක් තිබෙනව.

මා දකින ප්‍රධාන ප්‍රශ්නය ආර්ථිකය මූලව පවතිනව.

දැනට (2020-Aug) බිලියන 14000ක ණය අරං. බංකොලොත් වෙන්නයි යන්නෙ. එවිට, තවත් අර්බුද හට ගන්නව.

මෙයට විසඳුම් සෑම පක්ෂයකම අපේක්ෂකයන්ගෙන් විමසුව.

විසඳුමට පූර්ව කොන්දේසිය වූයේ, තව දුරටත් ණය නොගත යුතු බව.

මා සෑහීමට පත් වන සමස්ථ විසඳුමක් කිසිවකු යෝජනා කළේ නෑ.

ප්‍රධාන ප්‍රශ්නය සාර්ථකව විසඳිය හැකි සැලසුමක් ඔවුන් සතුව නෑ.


පද්ධති ආකෘති වෙනස් කිරීමෙන් මා අපේක්ෂා කරන ප්‍රතිඵල ලඟා කරන්න පුළුවන්. එයට විශාල මුදලක් වැය වන්නෙ නෑ.

එවැනි යෝජනා බුද්ධි මණ්ඩපයෙහි මමත් කර තිබෙනව.

මල්ලි දැන් ඡන්දය දෙන්න තීරණය කරලද තියෙන්න?


Sandhitha:

ඔව්, මං ඡන්දෙ දෙන්නෙ මගේ බොස් රවී කරුණානායකට.


Lakshan:

හේතුව?


Sandhitha:

එයා උගත් දක්ෂ කෙනෙක්. මං වැඩ කරන එයාගෙ ශිපිං කොම්පැණිය අද ලංකාවෙ ප්‍රධාන එකක්.

අනික, අද මං කන්නෙ බොන්නෙ අඳින්නෙ බොස් රස්සාව දුන්න නිසා.

මගේ යුතුකම බොස්ට පක්ෂපාතී වෙන එක.


Lakshan:

මල්ලි, ඔබ ඉන්න රාමුව ඇතුලෙ ඔයා නිවැරදියි.

බොහෝ ඡන්ද දායකයො හිතන්නෙ ඔයා වගේම පුද්ගලික වාසි ගැන, පටුවට.

මුදලට විකිණෙන අල්ලස් ගන්න උදවිය නගන්නෙත් ඔය තර්කයමයි.

මං බුද්ධි මණ්ඩපය ගොඩ නැගුවෙ, වහල් මානසිකත්වයෙන් තොරව හිතන්න දෙන්න.

මාගේ දේශපාලනයෙන් ඔබටත් සිතන්න බලපෑම් (influence) කරනව. ඒත් බල කරන්නෙ (force) නෑ. ඔබ වෙනුවන් තීරණ ගත යුත්තෙ ඔබමයි.

ජීවන අරගලයේදී (survival) පැවැත්ම ගැන පුළුල්ව සිතන්නෙ බුද්ධිමතුන්.

මාළුවා රැකෙන්නෙ පොකුණ රැකුනොත් පමණයි.

මල්ලි, ඔයා ඡන්දය දෙන්නෙ ඔයාගෙ බොස්ට තමයි.

ලංකාව මහජන ආණ්ඩුවක් (republic) උනත්, තියෙන්නෙ පුරවැසි ඡන්ද ක්‍රමයනෙ (democratic election).

මේ සංකූලතාව (complication/ mixup) ව්‍යවස්ථා වරදක්.


ඒත්, ඡන්දෙ දාන්න තීරණය කරන්නෙ, ඇට මස් නහර තියෙන, පරමාධ්පත්‍ය අයිතිය හිමි ජනතාව.

ජනතාව සිටින්නෙ ව්‍යවස්ථාවට ඉහලින්.

එවිට, ඔබ බොසාගෙ බොස්.

ජනතාව (people) වහල් මානසිකත්වයෙන් තීරණ නොගත යුතුයි.

සිතන්න!





Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]