My Suggestion

Edit Suggestion

Title : ප්‍රතිනිර්මාණ ක්‍රියාන්විතය. Operation Redesign. (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-08-16
Last Modified Date: 2020-08-16
Category: Politics
Article Code: 132
Keywords: ප්‍රතිනිර්මාණ, ක්‍රියාන්විතය



Article

අයිතිය පිළිබඳ ප්‍රකාශය (Claimer Statement)
------------------------------------------

ආයතනයක් යටතේ සිටින සේවකයකු (employee), එම ආයතනය විනාශ කර ප්‍රතිනිර්මාණයට තැත් කිරීම, ත්‍රස්ථවාදී කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැක.

නමුත්, එම ආයතන හිමිකරු (owner) හට එසේ ප්‍රතිනිර්මාණය කිරීමට සම්පූර්ණ අයිතිය (full rights) ඇත.


එනිසා, ලක්ෂාන් වන මා මෙහිදී ක්‍රියා කරන්නේ, පරමාධිපත්‍ය හිමි ශ්‍රී ලංකා යන රටෙහි ජනතාව ලෙසය. (master of fictional constitution)

මා මෙහිදී ක්‍රියා කරන්නේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අර්ථදක්වා ඇති පුරවැසියකු ලෙස නොවේ.



නිරෝෂන් පාදුක්ක අය්යා දේශපාලකයෙක් සහ මහජන නියෝජිතයෙක්.

දේශපාලනය (politics):-
පද්ධති වෙනස් කිරීමට බලපෑම් කිරීම (influence).
පාර්ලිමේන්තුවේදීත් කරන්නේ එවැන්නක්.

මෙහිදී සිදු වන්නේ, ව්‍යවස්ථාව යටතේ කරන පක්ෂ දේශපාලනය නොවේ. විරුද්ධ පක්ෂ විවේච්නය අදාල නැත.

මහජන නියෝජිත (People Representative):-
ජනතා අදහස් නියෝජනය සිදු කෙරේ.



ජනතාව (Lakshan) සහ නියෝජිත (Niroshan) අතර දේශපාලන හවුල්කාරිත්වයක් (Political Partnership) තිබේ.

ජනතාව ලෙස මම (Lakshan) කැමත්ත (wish) ප්‍රකාශ කරමි.

මහජන නියෝජිත ලෙස නිරෝෂන් අය්යා සිදු කරන්නේ මහජන රූපය (public figure) කාර්යයයි.



ප්‍රතිනිර්මාණ හේතුව (Reason for Redesign)
----------------------------------------

දිනක් මා රජයේ රථගාලක සිටින විට, එහි තිබෙන වාහන වල මිල ගැන රියදුරුගෙන් විමසුවා. ඔහුගේ පිළිතුර වූයේ, ලක්ෂ 1000කට වඩා මිල බවයි.

තුන් වේල කන්න බැරුව ලක්ෂ ගානක් මිනිසුන් සිටින රටක, සුළුතරයක් මෙවැනි අධි සුඛෝපබෝගී තීරණ ගැනීම, ප්‍රමුඛත්ව පිළිබඳව යම් වරදක්.

මහ බැංකු සති වාර්ථා අනුව, අද වන විට ශ්‍රී ලංකාව රු. බිලියන 14,0000 ක් ණය ගෙන ඇත.
ඉන් රු. බිලියන 1,000 ණය ගෙන තිබෙන්නේ 2020 ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස 4 තුලදීය.
See Figure-1.

මුදල් ආයෝජනයෙන්, ණය හා පොලියට වඩා ආදායම් උපයා, ලාභ ඉපයිය හැකිනම්, ණය ගැනීම වාසිදායකය.

නමුත්, දශක ගනනාවක් තිස්සේ ණය ගොඩ ගැසුනේ, නොහැකියාව නිසා නොවේ ද?

ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින දුප්පත් රටක්.
මේ යන ආකාරයට, නොබෝ අනාගතයේදී බංකොලොත් වී, රටේ ජනතාව ණය හිමියන් හට වහලුන් වනු ඇත.
අනාගත පරපුරට දායාද කළ යුත්තේ එවැනි රටක් ද?


ජනතාව ලෙස මාගේ කැමැත්ත නම්, කල් නොයවා, මාගේ රට දියුණු තත්ත්වයේ රටක් කළයුතු බවයි.

එහිදී, තව දුරටත් ණය නොගත යුතුය.

(ස්වාමියාගේ කැමත්ත, සේවකයාට විධානයක්.
ඇලඩින් සහ පුදුම පහන ප්‍රබන්ධ කතාන්දරයේ දී, පහනේ භූතයා තම ස්වාමියාට පවසන්නේ "your wish is my command").


තිබෙන සම්පත් පාවිච්චි කර, එම විප්ලවය කරන්නේ කවුරුන් ද? කෙසේ ද?

ගෝඨා හොඳ කළමණාකරුවෙක්. ප්‍රතිඵල ගෙන දෙන්නෙක්. මා එය ඉහලින් අගය කරනවා.

නමුත් ඔහු ජනාධ්පත්වරණයේ දී ඉදිරිපත් කළ සැලස්ම, මාගේ කැමැත්ත ඉටු වීමට ප්‍රමාණවත් නෑ.

මාගේ කැමැත්ත ඉටු කළ හැක්කේ, ව්‍යවස්ථාවේ ව්‍යුහාත්මක වෙනස්කම් වලින් පමණයි.

එය 20, 21 වන වැනි සංශෝධන මගින් කළ නොහැක.


යම් ආයතනයක් කුඩු මත්ද්‍රව්‍ය විකුණන්නේ නම්, යම් නීතියක් යටතේ එය නීති විරෝධී නම්, එම ආයතනයට නීතිමය පැවැත්මක් නැත.

එලෙසම, ජනතාවගේ අයිතිය අනුව නියම කරන (decree), රටෙහි වෝහාරික නීතිය (Common Law) යටතේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, නීත්‍යානුකූල පැවැත්මක් නැත.
(There's no lawful existence for the constitution of Sri Lanka)

ව්‍යවස්ථාව ශුන්‍ය වන විට, රට තුල යම් අරාජික (anarchy) තත්ත්වයක් ඇති වේ.

කාලයක් තිස්සේ රටට ගෙන දුන් ආයතනික හානියට (institutional destruction) වඩා, අරාජිකත්වයේ හානිය අඩුය.

ව්‍යවස්ථාව කඩදාසියක් මත ලිවිය හැකි ප්‍රබන්ධ කතාන්දරයක්, සංකල්පයක්.

එය, ජීවත් වීමේ පහසුව සඳහා, ජනතාව විසින් ජනතාව සඳහා යොදා ගන්න උපකරණයක්.

පිහිය නම් උපකරණය හොඳටත්, නරකටත් යොදා ගත හැකියි.

එලෙසම, ව්‍යවස්ථා උපකරණය වැරදි ලෙස යොදා ගන්නා නිසා, බොහෝ ජනතාව පීඩා විඳිති.

මෙරට උපන් ජනතාවට ආහාර නැත. භූමියක්, නිවසක් නැත. උසස් අධ්‍යාපනය නැත. සෞඛ්‍ය නැත. ජලය නැත.

ව්‍යවස්ථාව යහපත් ලෙස යොදා ගත් විට, සොබා දහමත් රැකගෙන තෘප්තිමත් ලෙස මිනිසාට ජීවත් වීමට පුළුවන.

එයයි මාගේ අපේක්ෂාව.

පද්ධති නිර්මාණය කිරීමේදී අරමුණු තිබෙනවා.
සාධාරණත්වය යනු, එම අරමුණු ඉටු වීමයි.

එනිසා, ව්‍යවස්ථාව විනාශ කර, ජනතාවට යහපතක් වන ලෙස ප්‍රතිනිර්මාණය කළ යුතුය.

This is revolution with real politics.



මා ඔබට බොරු කීවොත්, ඔබ රැවටෙනවා.
මා බොරු කියන බව ඔබ දැන ගත්තොත්, මා රැවටෙනවා.

යම් සුළු පිරිසක් ජනතාව රවටා, ජනතාවගේ සම්පත් භුක්ති විඳිනවා. ජනතාව ඇත්ත දැනගත් විට, ඒ පිලිල මරු විකලින් හැසිරෙන්න පුළුවන්.




ව්‍යවස්ථාව නීත්‍යානුකූල නොවන්නේ ඇයි?
-------------------------------------

1. ජනාධිපති (Executive) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් (Legislature) ව්‍යවස්ථානුකූල නැත.
Reference:
https://intellectforum.com/MySuggestion.php?ArtCode=82


2. මූලික අයිතිවාසිකම් (Fundamental Rights) රැවටිල්ලක්.
Reference:
https://intellectforum.com/MySuggestion.php?ArtCode=112

වැටුප නොගෙවූ විට, ඔබ අයිතිය ඉල්ලා නඩු කියයි. නමුත් පාරිතෝෂික (bonus) නොදුන් විට, ඔබ අයිතිය ඉල්ලා නඩු කියනවාද?

බෝනස් යනු වරප්‍රසාද; අයිතිවාසිකම් නොවේ.

එලෙසම, "මූලික අයිතිවාසිකම්" ලෙස ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත්තේ, වරප්‍රසාද මිස අයිතීන් නොවේ.


3. ව්‍යවස්ථාව විසින් දූෂණය (corruption) ප්‍රවර්ධනය සඳහා අනුබල සපයයි.
Reference:
https://intellectforum.com/MySuggestion.php?ArtCode=86

ඔබ නිවස දොර අගුළු දමා වසන්නේ නැතුව, සොරා කෑවා යැයි අඳෝණා කීමේ ඵලය කුමක්ද?

ගණුදෙනු සක්‍රීය ලෙස මන්තු/අධීක්ෂණය (Active Monitoring) කිරීමට ආයතනයක් නැත.

ඒ සඳහා තථ්‍ය-කාල දත්ත (Real-Time data) ලබා ගැනීමට යාන්ත්‍රනයක් නැත.

එනිසා, අවශ්‍යතාවය අනුව ක්‍රියා නොකිරීමේ වරද (act of inaction when needed) ලෙස, ව්‍යවස්ථාව මගින් දූෂණය ප්‍රවර්ධනය කෙරේ. අගතියට පත් වන්නේ ජනතාවයි.



ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් වන්නේ ය.

ව්‍යවස්ථාව කොටස් 5කින් සමන්විතය.

1. ව්‍යවස්ථාවේ 4(අ) අනුව, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය

2. ව්‍යවස්ථාවේ 4(ආ) අනුව, ජනතාවගේ විධායක බලය

3. ව්‍යවස්ථාවේ 4(ඇ) අනුව, ජනතාවගේ අධිකරණ බලය

4. ව්‍යවස්ථාවේ 4(ඈ) අනුව, මූලික අයිතිවාසිකම්

5. ව්‍යවස්ථාවේ 4(ඉ) අනුව, පුරවැසියාගේ ඡන්ද බලය


මා ඉහත සඳහන් කළ 1 කරුණ අනුව, විධායකය සහ ව්‍යවස්ථාදායකය යන කොටස් දෙක ක්‍රියාත්මක නොවේ.

මා ඉහත සඳහන් කළ 2 කරුණ අනුව, මූලික අයිතිවාසිකම් ප්‍රෝඩාවක් නිසා, වංචනික ව්‍යවස්ථාව නීත්‍යානුකූලව බිඳ වැටේ.

මා ඉහත සඳහන් කළ 3 කරුණ අනුව, දූෂිත ව්‍යවස්ථාව නීත්‍යානුකූලව බිඳ වැටේ.


විකෘති වූ ව්‍යවස්ථාව ජනතාවට යහපතක් නොවන නිසා, නීත්‍යානුකූලව පැවතිය නොහැක.

මෙවැනි ජනතා ප්‍රතික්ෂේප වන (condemned) ව්‍යවස්ථාවක්, බලෙන් පවත්වාගෙන යන්නේ කාගේ උවමනාවටද?

ජනමත විචාරණයකින්, ජනතාවට අගතියක් නොවන නව ව්‍යවස්ථාවක්, නොපමාව සම්මත කර ගත යුතුයි.




මා යෝජනා කරන ව්‍යුහාත්මක වෙනස මෙසේය:
--------------------------------------------

1. ආර්ථිකය සඳහා නව ආර්ථික මොඩලය.
Reference:
https://intellectforum.com/MySuggestion.php?ArtCode=91

2. දූෂණය ශුන්‍ය කිරීම.
Reference:
https://intellectforum.com/MySuggestion.php?ArtCode=86

3. ප්‍රමුඛත්වය ලෙස, ඉන්ධන භාවිතය අවම කර, තොරතුරු පද්ධති යොදා ගනිමින් ආර්ථිකය නව පිම්මකට ගෙන ඒම.
https://intellectforum.com/MySuggestion.php?ArtCode=81

4. පවතින සම්පත් යොදා ගනිමින්, සියල්ලට උසස් අධ්‍යාපනය.
https://intellectforum.com/MySuggestion.php?ArtCode=80

5. දේශපාලනයේ උපරිමත්වය සඳහා විද්‍යුත් දෙදිශා සන්නිවේදනය (bi-directional communication ePolitics).
For example: Intellect Forum

ජනතාවගේ සක්‍රිය දායකත්වය (අදහස් දැක්වීමෙන්) රට දියුණු කිරීම සඳහා අත්‍යාවශ්‍යයි.

දැනට සිදු වන්නේ, විවෘත්ත චෙක් පතක් සේ ඡන්දය දී, අපේක්ෂකයන් තේරීම.

ඔවුන්ට ජනතාවගේ සියළු ප්‍රශ්න විසඳීමට දැනුම නැත.

නියෝජිතයන් කළ යුත්තේ, ජනතාව නියෝජනය කර පාර්ලිමේන්තුවේ පිස්සු කෙලීම නොව, ජනතා අදහස් නියෝජනය කර, ව්‍යවස්ථාව වෙනස් කිරීමට බලපෑම් කිරීමයි.

ජනතා ගැටළු සහ විසඳුම් කරුණෙන් කරුණ (issue by issue) සාකච්ඡා කර ඡන්ද විමසිය යුත්තේ, පාර්ලිමේන්තුවේ අනු කොටසක් (sub system) ලෙසය.

6. ජනරජය (Republic) සහ ප්‍රජාතන්ත්‍රවාදය (Democracy) මිශ්‍ර නොකළ යුතුයි. ජනරජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැකිය.
Reference:
https://intellectforum.com/MySuggestion.php?ArtCode=71

7. රාජ්‍ය යාන්ත්‍රනය තුල සන්නිවේදනය සඳහා යෝජනාව.
https://intellectforum.com/MySuggestion.php?ArtCode=100



පොකුණක මාළුවන් තම පැවැත්ම සඳහා තරඟ කරයි (struggle for survival).
එහිදී, ඔවුන් සිටින පොකුණ රැකගැනීමේ වැදගත්කම නොවැටහේ.

සියළු මාළුවන් රැකෙන්නේ, පොකුණ රැකුනොත් නොවෙද?

මෙම ව්‍යවස්ථාව ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාන්විතය, ජනතාවගේ යහපත උදෙසාය.



Video (Youtube)





Pictures (gif/jpg/png)

Figure-1

Figure-1



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]