My Suggestion

Edit Suggestion

Title : පොලිස් අත්අඩංගුවට (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-08-15
Last Modified Date: 2020-08-15
Category: Law
Article Code: 133
Keywords: police, arrest, law



Article

වයස 8ක් වන මාගේ නැගණියගේ දියනිය වන 'පපර' ගෙන් විමසන්න:

"What do you do, when Police comes to arrest you?"

ඇයගේ පිළිතුර නම්:

"I'm real; you're fake"

එනිසා, පොලිස්සියට ඇයව අත් අඩංගුවට ගත නොහැකියි.

ඔබ මේ ගැන සිතා තිබේ ද?



ප්‍රබන්ධ කතාන්දරයක් ගැන සිතන්න.
See Picture-5. Click to see original size.

එම කතාන්දරය තුල චරිත අර්ථදක්වා ඇත.
ඒ අතර 'පොලිස්' චරිතයක් තිබේ නම්, එයද ගෙතූ ප්‍රබන්ධයකි.

යම් ඇට, මස්, නහර ඇති මිනිසෙක් (Man-1), එම කතාන්දරයේ පොලිස් චරිතය රඟපාන විට, එම රඟපෑමත් ප්‍රබන්ධ කතාන්දරයේම කොටසකි.

පොලිස් චරිතය (Police Character) රඟපාන එම නළුවා (Actor-1), ඔබව (Man-2) අත් අඩංගුවට ගැනීමට සැරසුනොත්, ඔබගේ ප්‍රතිචාරය කුමක්ද?

ඔබත් එම කතාන්දරයේ ප්‍රබන්ධ චරිතයක් (Thief Character) රඟපෑමට කැමතිනම්, ජොලියට මාංචු දමාගෙන, කූඩුවෙ ලගින්න පුළුවන්.

ඔබ එයට අකමැති නම් ඔබට සිතේවි,
"Is this for real?"

ඔබ ලේ, ඇට, මස්, නහර ඇති මිනිසෙක් නම්, ඔබේ එකඟත්වයෙන් තොරව, ප්‍රබන්ධ පොලිස් චරිතයකට ඔබව සිර කර තැබිය නොහැකියි.

ඔබ කතාන්දරයේ පුරවැසි චරිතයක් රඟපාන්නේ නම්, එම ප්‍රබන්ධ කතාන්දරයේ සඳහන් නීති ප්‍රකාරව, ප්‍රබන්ධ පොලිස් චරිතයට ඔබව අත් අඩංගුවට ගන්න පුළුවන්.

සිර ගත වන තීරණය ඇත්තේ ඔබේ අතේ. ප්‍රබන්ධයක් වීමට කැමතිද? අකමැතිද?


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රබන්ධ කතාන්දරයක්.

එය කඩදාසි මත ලියා ඇත.

ඒ යටතේ ඇති ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, අධිකරණ විනිසුරුවන්, නිලධාරීන්, පොලීසිය, පුරවැසියා ඇතුළු සියල්ල ප්‍රබන්ධ පමණි.

මිනිසුන් එම චරිත රඟපෑවත්, එම රඟපෑම් සියල්ල, ව්‍යවස්ථාව යන ප්‍රබන්ධ සීමාව තුල පවතී.



මිනිසුන් පොලිස් කූඩු වල ලගින්නෙත්, හිරේ අවුරුදු ගනන් කල් ගෙවන්නෙත්, නිවැරදි අධ්‍යාපනය නොලැබූ නිසාය.

මා නිදහස් චින්තකයෙක්. ජීවිතය අත හැර ජීවත් වෙමින්, සීමාවෙන් එහා සිතන නිසා, මෙම දැනුම සොයා ගත්තා. මිල කළ නොහැකි දැනුම ඔබට ලබා දෙන්නේ නොමිලේ සහ සතුටෙන්.

වැදගත් දේ වැදගත් ලෙස අගය කර, ඉන් ජීවිතයට ප්‍රයෝජන ගැනීම ඔබේ තීරණයක්.




ඇතැම් විට, ප්‍රබන්ධ පොලීසිය විසින් ජනතාව අත් අඩංගුවට ගැනීම නීත්‍යානුකූලයි.

ඒ කෙසේ ද?


බටහිර චින්තනයට අනුව, ජනතාව ස්වාමියා (master) සහ ප්‍රබන්ධ ව්‍යවස්ථාව වහලා (slave) වේ. (master-slave relationship)
See Figure-1

වහලාට තම ස්වාමියා යටත් කළ නොහැකි වුවත්, ස්වාමියාගේ දුර්වලතා හමුවේ ස්වාමි-වහල් සම්බන්ධය උඩු යටිකුරු වේ.


යම් නිවසක පියා, මව සහ සිඟිති පුතකු සිටී.
සිඟිති පුතා බලා ගැනීමට ආයා කෙනෙකු (nanny) සිටී.

මෙම පවුලේ සේවකයා ආයා නිසා, ස්වාමි-වහල් සම්බන්ධයට අනුව,
ස්වාමි (master) :- පියා, මව, පුතා
වහල් (slave) :- ආයා

මව සහ පියා වැඩිහිටියන් නිසා, ඔවුන්ගේ නියෝග ආයා පිලිපදී.

පුතා කුඩා දරුවකු නිසා, ආයාගේ නියෝග පුතා පිලිපදී.


සිඟිති පුතාට තනිව තීරණ ගැනීමේ හැකියාවක් නැත. ජංගියේ චූ කරගත් පසු, එය අස්කරන්නේ ආයාය. අනතුරු කරගන්නට නොදී ආරක්ෂා කරන්නේ ආයාය.

සිඟිති පුතා වන ස්වාමියාගේ අසරණ බව හමුවේ දැන්,

ස්වාමි (master) :- ආයා
වහල් (slave) :- පුතා


එලෙසම, ජනතාව ස්වාමියා (master) සහ ප්‍රබන්ධ ව්‍යවස්ථාව වහලා (slave) වුවත්,

ජනතාව වැඩිහිටියන් සේ හැසිරෙන්නේ නැතිව, බාල වැඩ කරන (state of child) අවස්ථා වලදී,

ස්වාමියා:- ප්‍රබන්ධ පොලීසිය
වහලා:- ජනතාව

එවිට, ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් ජනතාව පාලනය කිරීම නීත්‍යානුකූලයි.

වගකීමෙන් තම නිදහස භුක්ති විඳීම්ට, නිවැරදි අධ්‍යාපනය මගින්, ජනතාව හට දැනුම ලැබේ.



ශ්‍රී ලංකාවට විශේෂිත වූ රජෙක් නැත. අප පුද්ගල වශයෙන් පරමාධිපත්‍ය (sovereignty) හිමි ජනතාව. ඔබත් මමත් රජවරු.
Sovereign ලෙස හඳුන්වන්නේ රජෙක්.


සුහද සංවාදයකදී, මා හිතවත් චතුර මල්ලී ඇසුවා,

"මිනිසෙකුට තවත් මිනිසෙක් මරන්න අයිතිය තිබේද?"


මාගේ කෙටි පිළිතුර වූයේ "ඔව්".


විමතියට පත් වූ චතුර කීවේ "එය වැරදි දෙයක්".


මා පිළිතුර පැහැදිලි කලා.

"ඔව්. හිංසනය අනුමත කරන්න බෑ.

රජවරුන් දෙදෙනකු අතර යම් ගැටළුවක් ඇති වූ විට, ඔවුන්ගේ එක්ඟත්වයෙන් / සම්මුතියෙන් යම් නීති පද්ධතියක් සාදා, එය යටතේ ගැටළුව විසඳා ගන්නවා.

ඔවුන්ට ගැටළුව විසඳාගත නොහැකිනම්, යුද්ධ ප්‍රකාශ කරනවා.

යුද්ධයේ දී, එක් රජෙකුට තවත් රජෙක් මරණයට පත් කිරීමේ අයිතිය තියෙනවා.

නමුත්, යුද්ධ නොකරන විටදී, රජකුට සිතැඟි ඕනෑම දෙයක් තම අයිතිය වෙනවා. එම අයිතිය සීමා වන්නේ, අනෙක් රජෙකුගේ අයිතිය සීමා වන තැනදීය."


ඉන් නොනැවතී, මා ඔහු තවත් මවිත වන දෙයක් කිව්වා.

"මෙතෙක් මා පැවසුවේ, ස්වාමියකුට තවත් ස්වාමියෙක් මරණයට පත් කිරීමේ අයිතිය.


ප්‍රබන්ධ පොලීසියට අවි ආයුධ දෙන්නේ ජනතාව මරන්න.

බැලූ බැල්මට වහලා විසින් තම ස්වාමියා මරණවා.

එය ඔබ සඳහන් කළ වරදටත් වඩා අදහා ගත නොහැකි වරදක් නේද?"

දීර්ඝ සාකච්ඡාවකට පසුව, මා නැගූ ප්‍රශ්නය ඔහු වටහා ගත්තා.


ප්‍රබන්ධ ව්‍යවස්ථාව යනු ජනතාව විසින් ජනතාවගේ ජීවත් වීමේ පහසුව සඳහා යොදා ගන්නා සංකල්පීය උපකරණයක්.

එය පිහියක් වැනියි. හොඳටත්, නරකටත් යොදා ගත හැකියි.


බුද්ධිමතා මෝඩයාගෙන් වෙනස් වන්නේ, එම උපකරණය භාවිතා කරන ආකාරය අනුවයි.


----------------

In Picture-5,

සමාජ සම්මතයේ දී, රඟපාන නිසා, Man-1 හඳුන්වන්නේ නළුවා ලෙසයි.
නමුත්, නළුවා (Actor-1) සිටින්නේ කතාන්දරය තුලයි.

යමෙක් ගුරුවරයකු වන්නේ, උගන්වන විටදීය.

යමෙක් විනිසුරුවකු වන්නේ, නඩුවක් විනිශ්චය කරන විටදීය.

ගොඩනැගිල්ලකට බෝඩ් ලෑල්ලක් එල්ලූ පමණින් ඒය උසාවියක් නොවේ.

ගසක් යට නඩු අසන විට, එම ගස යට උසාවියක් වේ.

ඉහත සමාජ සම්මතය නිවැරදි නොවේ.



Pictures (gif/jpg/png)

Police Arrest

Police Arrest


State of Child

State of Child


Do you need a nanny?

Do you need a nanny?


Western Thinking Hierarchy

Western Thinking Hierarchy


Picture-5: Is this for real?

Picture-5: Is this for real?


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]