My Suggestion

Edit Suggestion

Title : Living a Fake Life. ජීවත් වන මායා ලෝකය. (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-08-15
Last Modified Date: 2020-08-15
Category: Law
Article Code: 135
Keywords: fake, fictional



Article

රූපවාහිනියේ නාට්‍ය බලන විට, සමහරු බය වෙනවා, දුක් වෙනවා, කඳුළු හලනවා.

ඒ නාට්‍ය ප්‍රබන්ධ. සත්‍ය කතා ඇසුරින් පෙන්නුවත්, ඒවා ප්‍රබන්ධ.
එහි සිදුවන මිනී මැරුම් නාට්‍යයේ ජවනිකා පමණයි. මිනිස්සු ඇත්තට මැරෙන්නේ නෑ.

සමහරු නාට්‍ය බලමින් කඳුළු හලමින් හැඟීම්බර වන්නේ, බොරුව (ප්‍රබන්ධ කතාන්දරය) ඇත්ත ලෝකය ලෙස සලකා එයට බැඳුනු නිසා.

නළුවා දක්ෂ ලෙස රඟපා ඇත. ඒත් ඔබ දුර්වල වී, රැවටී ඇත.


සමහර කුඩා දරුවන් ඇත්ත ලෝකයේදී ජීවත් වන්නේ ප්‍රබන්ධ කතාන්දර වල වීරයන් ලෙසය.

ඇතැම්හු ස්පයිඩ මෑන්ලා ලෙස බිත්ති බඩ ගාති. ඇතැම්හු ටාසන්ලා, රොබින් හුඩ්ලා ලෙස කැලේ පනිති. තවත් සමහරු, නයිට් රයිඩර්ලා ලෙස චොපර් පදිති.


බැලූ බැල්මට මෙය ආශ්වාද සහගත බොළඳ දෙයක්.


ඒත් මෙහි බරපතලකම දැනෙන්නේ, වැඩිහිටියන් රැවටී ප්‍රබන්ධ කතාන්දර වල හිර වීමයි. එය වහල් බවක්. එනිසා ඔවුන් රූකඩ ලෙස නැටවේ.

පොලිස් කූඩු වල ලගින්නේත්, අවුරුදු ගනන් බන්ධනාගාරයේ තැවෙන්නේත්, ඇත්ත සහ බොරුව පටලවා ගත් නිසාවෙනි.


දේශපාලකයා ප්‍රබන්ධ පක්ෂ දේශපාලනයේ සිර වී පුහු දේ කරයි. ඒත් ජනතාව සැමදා බඩගින්නේ.

ප්‍රබන්ධ කතාන්දර වලට වහල් නොවී, ඒවා උපකරණ ලෙස ප්‍රයෝජනයට ගැනීමට බුද්ධිමත් විය යුතුයි.

එය කළ හැක්කේ, නිවැරදි අධ්‍යාපනය මගින් මනස අවදි කිරීමෙනි. අද පවතින අධ්‍යාපනය සිදු කරන්නේ, ප්‍රබන්ධ යාන්ත්‍රනයේ දැති රෝද සෑදීමට වහල් මොට්ටයන් නිෂ්පාදනයයි.

ඇස් නොපෙනෙන අන්දයා තමා ඉදිරියට හමුවන මැණිකටත් පයින් ගසමින් යන්නේ, එහි වටිනාකම දැක ගත නොහැකි නිසයි.

වැදගත් දේ වැදගත් ලෙසත්, නොවැදගත් දේ නොවැදගත් ලෙසත්, නොසලකන බොහෝ උඩඟු මානසික අන්දයන්, මා පෙන්වන මැණික් බඳු දැනුමටත් පයින් ගසා, වහළුන් සේ දුක් විඳිති.

කරුණාකර විවෘත්ත මනසින් දකින්න. එය, ඔබ විසින් ඔබටම කර ගන්න උදව්වක්.



Pictures (gif/jpg/png)


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]