My Suggestion

Edit Suggestion

Title : මගෙන් තොර භෞතික ලෝකයක් තිබේද? (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-09-12
Last Modified Date: 2020-09-12
Category: Education
Article Code: 150
Keywords: World, death, thought, immortal



Article

සිතෙන නිසා මා ජීවත් වන බව දැනේ.

භෞතික ලෝකය මා අත් විඳින්නේ සිතුවිලි ලෙසය.

මාගේ මරණය යනු සිතුවිලි නතර වීමයි.

එවිට, මගෙන් තොර භෞතික ලෝකයක් මා හට නැත.

එනිසා, මගෙන් තොරව භෞතික ලෝකය පවතින්න බැහැ.



ඔබගේ මළ සිරුර නොසිතන බව මා අත්විඳ ඇති නිසා, මා මළ පසු ද සිතුවිලි නතර වනු ඇතැයි මට සිතෙයි.

නමුත්, ඔබ මළ පසු භෞතික ලෝකය ඔබෙන් තොරව පවතින බව මා අත්විඳ ඇත.

එනිසා, මා මළ පසුත් මගෙන් තොරව භෞතික ලෝකය පවතින්න පුළුවන්.



ඔබ මාගේ සිතුවිල්ලක් නිසා, ඔබ මළ පසුත් මාගේ ලෝකය පවතින්න පුළුවන්.

එසේනම්, මා මළ පසු මා නොසිතන නිසා, මගෙන් තොර භෞතික ලෝකය පවතින්න බෑ නේද?



මගෙන් තොර භෞතික ලෝකයක් තිබෙන්න පුළුවන්ද? බැරිද?



එයට පිළිතුරු දිය හැක්කේ මරණයෙන් පසු සිදුවන දේ නිශ්චිතවම දන්නවානම් පමණි.

මරණය සිතීමේ සීමාවක්.

සිතන දේ පැවැත්ම නම්, මරණයෙන් පසු නොපැවැත්මද?

එසේනම්, මා සිතන පැවැත්මට වඩා වෙනස් වූ පැවැත්මක් ලෝකයට තිබේ.



මා මිය යන බව මා සිතුවේ ඔබගේ මරණයට සාපේක්ෂව මා ගැන මා සිතූ නිසා.

මා එසේ නොසිතන්නේ නම්, මා මිය යන්නේ නැද්ද?

එසේනම්, මා හට සදාකාලිකව සිතන්නට පුළුවන්.

අමරණීය මා හට මරණීය සිතුවිලි ලෝකයක් පවතී.

ඔක්කොම කණපිට!



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]