My Suggestion

Edit Suggestion

Title : Invitation for Artists to lead enlightenment
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-05-05
Last Modified Date: 2021-05-05
Category: Politics
Article Code: 164
Keywords: Amiththa Weerasingha



Article

ආදරණීය අමිත්ත වීරසිංහ අය්යා වෙත,

මම කිසිවෙක් නලවන්නෙ නෑ. කියන්නෙ බොක්කෙන්මයි.

මා ඔබගේ 'කන් කොටාගේ ලව් එක' පොත සහ සුදත්ත සමඟ සාකච්ඡාව බලා, ඔබ කියූ නොකියූ සිතුම් සහ හැකියාවන් මෙන්ම දුර්වලතා ද යම් පමණකින් කියෙව්වා.

සෑම කරුණකටම ගැඹුරු අරුත් ගෙන දෙන අලංකරනය අනර්ගයි. වෙඩි වරුසාවක් මෙන් එක පිට එක.

ඔබේ කලාත්මක හැකියාව සහ ස්වභාවික මානව දයාව අප රට දියුණු කිරීමට යොදවන්න කැමතිද? Turning point!

දියුණුව ලෙස අදහස් කලේ නිර්වානය පදනම් කරගත් ආර්ථික සමාජයික දියුණුවක්.

System Redesign for Rule of law over good leadership
IntellectForum.com/constitution

ප්‍රංශ පුනරුද විප්ලවය කලේ කලාකරුවන්.

මා අසා ඇති පරිදි සාහිත්‍ය සහ දැනුම එකිනෙකට ස්වායක්තයි.

නමුත්, තිත්ත බේතක් වටා සීනි දවටනයක් ඔතන්නා සේ, ගැඹුරු දැනුම හදවතටත් දැනෙන ලෙස ගෙන යන්නේ සාහිත්‍යයි.

හොඳම උදාහරණය නම්, නිර්වාණ මාර්ගය සහ සුවය පැහැදිලි කරන ත්‍රිපිටකය ලියා ඇත්තේ උපමා රොත්තකින්.

එනිසා, නව නිපැයුම් කරුවා, කලා කරුවා සමඟ අත් වැල් බැඳ ගතහොත්, අප රට දියුණු කළ හැකි අධ්‍යාත්මික සහ සංකල්පීය පණිවිඩය ගෙනියන්න පුළුවන්.

මාගේ සහෝදරයකු බඳු, මහා බ්‍රිතාන්න්‍ය සංඝ නායක ගෞරවණීය රේවත හාමුදුරුවන්ට ආරාධනා කලා අනතර්ජාල බෞද්ධ උපදේශන සේවා ව්‍යාපෘතියට නායකත්වය දෙන ලෙස.

තාක්ෂණය යොදා ගනිමින් ලොවයි පන්සලයි යා කරන අද කාලයට ගැලපෙන ක්‍රමය එයයි.

මට අඟහරු ලෝකෙන් මිනිස්සු ගේන්න බෑ. පක්ෂ විපක්ෂ සැමගේ බුද්ධියට සහ හදවතට අමතා, අප රට දියුණුවේ පීල්ලට දා ගන්න පුළුවන්.

මා මෙයින් කිසිවක් පුද්ගලික ලෙස බලාපොරොත්තු වන්නේ නෑ. මරණ මංඡකයේදී ආවර්ජනය කොට සතුටු විය හැක්කේ අන් අයගේ යහපත සඳහා කළ සේවයයි.

තෙරුවන් සරණයි
හිතවත් ලක්ෂාන් බණ්ඩාර



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]