My Suggestion

Edit Suggestion

Title : කල නොහැක්කක් නොමැත (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-05-21
Last Modified Date: 2021-05-21
Category: Security
Article Code: 167
Keywords: Impossible, possible



Article

"කල නොහැක්කක් නොමැත"
Nothing impossible

මෙය ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ බලකායෙහි ආදර්ශ පාඨය.

https://alt.army.lk/commando/si/si-lyrics


අප රට දියුණුවේ දිශාවට යොමු කළ හැකි ආකල්පමය මග පෙන්වීම මෙයයි.

එහි අර්ථය පිළිබඳව මඳක් නැවතී සිතන්න.


පළමුව, ඕනෑම දෙයක් කළ යුතුයි යන්න මෙයින් අදහස් නොවේ.


දෙවියන් වහන්සේ වෙත කරන මූලික යාඤා තුන ඔබ දන්නෙහිද?

1. දෙවියනි, කළ හැකි දේ සහ කළ නොහැකි දේ අතර වෙනස හඳුනා ගැනීමට මට ධෛර්යය දෙන්න.

2. දෙවියනි, කළ හැකි දේ හොඳින් ඉටු කිරීමට මට ධෛර්යය දෙන්න.

3. දෙවියනි, කළ නොහැකි (not feasible) දේ අත හැරීමට මට ධෛර්යය දෙන්න.


මෙය තමා විසින් තමා සමඟම කර ගන්නා සංවාදයක්.


කළ නොහැකි දේ කිරීමට උත්සාහ ගැනීම, ගඟට ඉනි කැපීමක් වැනියි.

කළ හැකි දේට බාධා පැමිණියත්, එම බාධා බිඳගෙන හෝ එම බාධා මග හැර අරමුණ වෙත ලඟා වීම කළ යුතුමයි.


දෙවනුව, වැඩිම බලපෑමක් කළ හැකි ක්‍රියාව වෙත අවධානය යොමු කළ යුතුයි.

Pareto Principle (80/20 Rule)

"80% of consequences come from 20% of the causes"


තෙවනුව, ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේදී, කල නොහැක්කක් නොමැති විය යුතුයි.


සාමාන්‍යයෙන්, රජයේ ආයතනයකට වැඩක් කර ගැනීමට ගිය විට, වැඩේ නොකරන්න හේතු කියයි.

අප කළ යුත්තේ, ඔවුන්ගේ අපළ දේශනයට බාධා කර, වැඩේ කරන්න පුළුවන් හේතු විමසීමයි.

They tell reasons not to do it.
We ask reasons on how to do it.


How can we make it happen?

Nothing is impossible!




Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]