My Suggestion

Edit Suggestion

Title : Attorney ඇටොර්නිවරු (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-11-23
Last Modified Date: 2021-11-23
Category: Law
Article Code: 196
Keywords: Attorney, law, lawyer



Article

ඇටොර්නිවරු තමන්ව නීතිඥවරු (Lawyer) ලෙස හඳුන්වා දෙති.

ඔවුන් හදුන්වා දිය යුත්තේ, Attorney at law හෙවත් "නීතිය හමුවේ අටොර්නි" ලෙසය.

Attendant at hospital හෙවත් "රෝහල හමුවේ උපස්ථායක" යනු, වෛද්‍යවරයා (doctor) නොවේ.

එනිසා, Attorney at Law යනු Lawyer නොවිය යුතුය.

නීතිඥයා නීතියේ මූලධර්ම මත පිහිටා නීති තර්ක ගොඩ නගයි.

අටොර්නිවරයා කරන්නේ පොත පෙරළමින් ප්‍රඥප්ති (statutes) මත තර්ක කිරීමයි.

ඇටොර්නිවරයාගේ ඉතිහාසය වැඩවසම් ක්‍රමය වෙත දිව යයි.

වංශාධිපතිවරයාට ලියන මහත්තයෙකු සිටියා.

ඔහු ඉඩම් සම්බන්ධ හිමිකම පවරා ගැනීම් හෙවත් ආක්‍රාන්ත (attornment) වලදී, තම ස්වාමියා වෙනුවෙන් පෙනී සිටියා (representation).

එනිසා, ඔහු ඇටොර්නිවරයකු (attorney) ලෙස හැඳින්වූවා.

පසු කාලීනව එම ලියන මහත්තයාගේ තනතුර, නීතිය හමුවේ අටොර්නි (attorney at law) සහ මානව සම්පත් කළමණාකරු (human resources manager) ලෙස තනතුරු දෙකකට බෙදුනා.

සේවාලාභියා (customer) ලෙස ඇටොර්නිවරයකුට මුදල් ගෙවා නඩුවක් බාර දීමේදී, ඔහු ඔබට සේවය කිරීමට බැඳී සිටිය යුතු (customer is the king) යැයි ඔබ සිතනවා ඇති.

නමුත්, උසාවියේදී ඔහුගේ ලොක්කා විනිසුරුවරයාය.

එහිදී ඔබව සලකන්නේ, ඔබේ කටයුතු තනිවම කර ගත නොහැකි මන්දමානසික රෝගියෙකු (mentally retard patient) ලෙසයි.

නඩුවක සකස් කිරීමේ ක්‍රියාවලියේදී (arrainment process), විනිසුරුවරයා අටවන උගුලට ඔබව හසුකර දෙමින්, ඔබව විනිශ්චය සඳහා සූදානම් කරවන්නේ, ඔබ වෙනුවෙන් පෙනී සිටින ඇටොර්නිවරයාය.

මෙම යථාර්ථය වටහා ගැනීමට පුළුවන්නම්, අටොර්නිවරයා අපාය-සහය මිතුරෙකු ලෙස ඔබට පෙනේවි.







Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]