My Suggestion

Edit Suggestion

Title : නිර්වානය හලපු බුද්ධාගම (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2021-11-25
Last Modified Date: 2021-11-25
Category: Religion
Article Code: 201
Keywords: Nibbana



Article



බුද්ධ ධර්මයෙහි අරටුව නිර්වානයයි.

එහෙත්, වර්තමාන මහා සංස්කෘතියක් වන බුද්ධාගමේ නිර්වානය අත් හැර ඇත.

නිර්වානය නම් සිහිනයක් පමණයි.

"හා හා එහෙම කියල පව් පුරව ගන්න එපා. අදත් කොහේ හරි තැනක රහතුන් වහන්සේලා වගේම පසේ බුදු වරුත් වැඩ ඉන්න පුළුවන්."

"නොදන්නා යකා කළු වැඩියි වගේ. ඔබ යෝජනා කරන්නෙ පිටිදුවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත භද්‍ර හාමුදුරුවො වගේ අය ද?"

"හාපෝ, ඒ චීවර ධාරියා නම් වංචනිකයෙක්. මහ නායක හිමියන්ගෙනුත් වැඳල සමාව ගත්ත."

"තමන්ට බැරි දේ තව කෙනෙක් කරහම ඉරිසියා හිතෙනව ද?"

"පිස්සුද, අපි එහෙම නෑ. අපි හොඳ බෞද්ධයො. ඕනෙනං පන්සලේ ලොකු හාමුදුරුවන්ගේන් අහල බලන්න."

අපට වැරදුනෙ වන්දානුකරනය නිසා.

මානය තිබෙන්නෙ ගෞරවයෙ සහ ආදරයෙ.

බෞද්ධ සමාජයේ සාමණේර නම, ලොකු හාමුදුරුවො, මහ නායක පදවි ධූරාවලි ඔස්සේ පස්ස උඩ දාගෙන වඳින්නේ, කුමන උසස් පහත් කම් නිසා ද?

මාර්ග ඵළ ලැබීමවත් උච්ඡ නීච මානයට හේතුවක් ද?

"හා හා අපේ සංස්කෘතිය කෙලෙසන්න එපා. පොඩි ළමයෙක්වත් යහ මගට ගන්න බැරි වේවි."

වැඩිහිටියොත් පොඩි ළමයි වගේ හැසිරෙන්න ඕනෙද? නිවැරදි තීරණ ගන්න බැරි වහල් මානසිකත්වය ඇත්තවුන් ස්වාමියාට වැඳගෙන සිටියාට කම් නැත.

බුද්ධාගමේ ඔක්කොම කණපිට.

ධර්මය විමසන්නෙ "ඒහි ඵස්සිකෝ" ආරාධනයෙන්.

වහලෙකුට තම ස්වාමියා ප්‍රශ්න කළ හැකිද? ස්වාමියා තම වහලාට පිළිතුරු දීමට බැඳී නැත.

ඒහි ඵස්සිකෝ (එව බලව) ආරාධනයෙන් ධර්මය පරීක්ෂා කළ යුත්තේ, දනිස් පොල්කටු ගෙවාගෙන වඳින වහල් මානසිකත්වයෙන් නොවේ. නිවහල් මහ මොළකරුවෙක් (master mind) ලෙසයි.

බෞද්ධ සමාජය ප්‍රබන්ධයක්. ධර්මයෙහි භික්ෂූන් (ශිෂ්‍යයන්) සංඝ චරිත රඟපානවා. සඟ ඝන, සංඝ රත්නය සහ සංහ භේදය තිබෙන්නෙ ධර්මයෙහි. ආනන්තරීය පාප කර්ම සිදු වන්නෙ ධර්මය නම් නීති පද්ධතිය විකෘත්ති කිරීමෙන්.

එක් මිනිසෙක් නිල ඇඳුම් ඇඳගත් තවත් මිනිසෙකු ඉදිරියේ වැඳ වැටෙන්නේ ඇයි? මානය නිසා නොවේ ද?

බුදු හාමුදුරුවන්ගේ ආගම බුද්ධාගම ද?

බුදු හාමුදුරුවන්ගෙ පපුවෙ ස්වස්තික පච්චය කොටාගෙන බෞද්ධ කොඩිය වන වන හිටිය ද?

බුදු හාමුදුරුවෝ පටිසෝතගාමී (රැල්ලට නොගොස් උඩුගම් බලා පිහිනුවා).

ඒත් අනුගාමිකයා පන්සල් ආයතන ගොඩ නගමින්, දේශපාලනය, ජෝතිෂය වැනි වෘත්තීන්හි නියැලෙමින් ගිහි සැප උපරිමයට.

ඔක්කොම කණපිට.

බුද්ධ ධර්මය පරම්පරාවේන් පරම්පරාවට ආගමේ (ආගමනය) නාමයෙන්, තැපැල්කරුවකු සේ කර ගහගෙන ගියාට මදි.

ලිපිය විවෘත්ත කර එහි පණිවිඩය වන නිර්වානය පිළිබඳව සොයා බැලිය යුතුයි.

ධර්මය විමසිය යුතු ආකාරය "How to seek perfect knowledge?" ලිපියෙහි ඇත.

(https://intellectforum.com/MySuggestion.php?ArtCode=180)

අප ජීවිත් වන විට, දැනුවත්ව සහ/හෝ නොදැනුවත්ව නිර්වාන සුවය ලබනවා.

නමුත්, නිර්වාන අවබෝධය ලැබූ විට, දුකෙන් තොරව ජීවත් වන්න පුළුවන්.

එනම්, ජීවිතය අතහැර ගොඩ නැගීමයි. නෙළුම් පතකට දැමූ දිය බිඳක් මෙන් නොඇලේ.

නිර්වාන සංකල්පයෙහි තවත් බොහෝ ප්‍රයෝජන තිබෙනවා.

ඕනෑම සිරකරුවකු නිදහස් කළ හැකි නිදහස් ව්‍යාපෘතිය සඳහා නිර්වාන සංකල්පය යොදාගෙන තිබෙනවා.

මායා බන්ධනයන්ගෙන් මිදී, සැම බුද්ධිමත් වේවා!



Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]