My Suggestion

Edit Suggestion

Title : දේශපාලන භාවිතය (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Created Date: 2020-06-24
Last Modified Date: 2020-06-24
Category: Politics
Article Code: 73
Keywords: Sri Lanka, Politics, Vicious Cycle



Article

වර්තමාන දේශපාලනය හිස් වචන කතා කරන තැනක්. පාර්ලිමේන්තුවේ 225ටම බෝම්බ ගැසිය යුතු යැයි පවසන්නේ එනිසයි.

මුලින් මෙහි පවතින දරුණු චක්‍රය (vicious cycle) හඳුනා ගත යුතුයි.

එනම්, දේශපාලකයා ජනතාව සන්තර්පණය කරන්නේ, නිර්දය දෝෂාරෝපණ (blaming culture) සහ ප්‍රතිමල්ලවයාට අපහාස (insults) කිරීමෙනි. කාට හරි ඇනෙන්න කියා කැපී පෙනීම පහත් ක්‍රියාවක්.

මෝඩ ජනතාව ඉල්ලන්නෙත් මේ කුණු රසයමයි.

ඉන් අභිප්‍රේරණය වන (motivate) අවස්ථාවාදී දේශපාලකයා, නැවත නැවතත් එම කුණු රසය මේ නිර්වින්දිත මෝඩ ජනතාවට කවා, පාර්ලිමේන්තු ගොස්, එහි පිස්සු නටයි.

මේ දරුණු චක්‍රය (vicious cycle) බිඳ දැමිය යුතුමයි. ඉහත සඳහන් අධම සංස්කෘතියෙන් (despicable culture) අපගේ දේශපාලකයාත්, අහිංසක ජනතාවත් ගලවා ගත යුතුයි. ඒ සඳහා, නිවැරදි අධ්‍යාපනය (true education) සහ ධෛර්යය (courage) අත්‍යවශ්‍යයි.

අප අපේක්ෂා කළ යුත්තේ සහ ක්‍රියාත්මක කළ යුත්තේ, එදා ඩී.එස් සේනානායකලා භාවිතා කළ මහත්මා දේශපාලනයයි. එය උතෝපිය සංකල්පයක් (Utopian concept) වෙත ලඟා වීමක් ලෙස සළකන්න.

ඵළය වෙනස් වන්නේ, හේතුව වෙනස් කිරීමෙනි. (cause-and-effect)

දේශපාලකයා දාර්ශනික (philosopical) විය යුතුයි. පද්ධතියෙන් ඔබ්බට ගොස් වෙනස්කම් සිදු කිරීමට (out-of-the-box thinking) නිදහස් චින්තකයන් (free thinkers) අවශ්‍යයි. එවිට, අප රට දියුණු කිරීමට අවශ්‍ය දැනුම, මහජන දායකත්වය තුලින් සැපයේ.

අප රටෙහි පසුගාමී මතයක් තිබේ. එනම්, පිටරට දියුණුව ලංකාවට නොගැලපෙන්නේ, අපේ මිනිස්සු කකුලෙන් අදින හෙවත් බෙලි කපන නිසයි. එනිසා, අළුත් අදහස් හකුළා ගැනීම පුද්ගලික පැවැත්මට ගුණයි. අපි මේ කවුරුත් දන්නා රහසට අභියෝග කරමු.

අප සැම එකම රැල්ලට සිතන්නේ, අධ්‍යාපන පද්ධතිය, ආගම් සහ ජන මාධ්‍ය මඟින් අපව දණ ගස්වා (submit) මොළ සේදීම (brainwash) කර ඇති නිසයි. ඒත්, අප රට වෙනස් කළ හැක්කේ, වෙනස්ව සිතන්න පුළුවන් බුද්ධිමතුන් බිහි වූ විටයි.

විරුද්ධ මත සමඟ ගැටීම, රට දියුණු කිරීමේ අනිවාර්යය අංගයක්. නමුත් ඒවා නිර්මාණාත්මක විවේචන (constructive criticism) විය යුතුයි. ප්‍රශ්නයක් අසා එයට පිළිතුරු දීමට ප්‍රතිමල්ලවයාට අවස්ථාව දීම, නීතිමය පිළියමක් (lawful remedy).

වරද සාධාරණ සැකයෙන් තොරව තහවුරු කළ හැකිනම්, ප්‍රතිමල්ලවයා චෙක්මේට් (checkmate) කර දඬුවම් (punish) දී, වන්දිය (compensation) ජනතාවට ලබා දිය යුතුයි.

එසේම, තමා වැරදිනම්, එය නිර්භය ලෙස පිළිගෙන සමාව අයැදීම, මහත්මා දේශපාලනයයි.

එසේ නොමැතිව, දැනට පවතින ක්‍රමය එලෙසම පවත්වාගෙන ගියොත්, රට බංකොලොත් (bankrupt) ලෙස ප්‍රකාශ කිරීම නිසැකය. එනම්, අපේ වළ අප විහින්ම කපා ගත්තා වනු ඇත.

පහත් දේශපාලනය දැන් ඇති. (say NO to 3rd class politics.)

ජනතාව උදාසීන (passive) විය යුතු නැත. සක්‍රීය දේශපාලනයට (active politics) සහභාගී වන්න. මා මෙම ඉල්ලීම විශේෂයෙන්ම කරන්නේ අප රටේ තරුණ තරුණියන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට.

මෙම බුද්ධි මණ්ඩපය (Intellect Forum) ඒ සඳහා වන විද්‍යුත් දේශපාලන වේදිකාවයි (e-politics platform).



Pictures (gif/jpg/png)

Knowledge sharing for a common goal

Knowledge sharing for a common goal


Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]