Title : අවසානය... (Lakshan)
Author: Lakshan Bandara
Created Date: 2020-07-11
Last Modified Date: 2020-07-11
Category: Religion
Article Code: 90
Keywords: suggestions, article, idea, Sri Lanka, politics, develop, pdf, pictures, videos, discuss, forum
This was an email discussion with a friend of mine.
Satisfaction without attachments.
----------------------------
On Wed, 8 Jul 2020 at 18:46, Nuwan Wijayaweera
අවසානය:
මා උපන් පසු මා යනු කවරෙක්දැයි මා දැනගැනීමටත් ප්‍රථම මාගේ දෙමව්පියන් නෑදෑ හිතවතුන් සහ සමාජය විසින් ඔවුනොවුන් නඩත්තු කරගෙන ආ සම්ප්රදාය තුළ පවතින සංකල්ප නිසා මා හට ලේබල් ඇලවීය. ඒ ලේබල් නම, රට, ජාතිය, ආගම, භාෂාව, කුළය වැනි ඒවාය.
කාලයත් සමග දෙමව්පියන්, වැඩිහිටියන්, ගුරුවරුන් සහ පූජකයන් විසින් ඉගැන් වූ පරිදි මා ඒ සම්ප්රදාය තුළ පවතින සංකල්ප තේරුම් ගත්තෙමි.
ඉන්පසු මට උපතින් අලවා ඇති ලේබල් සියල්ල එකතු කරගෙන මම මටම අනන්‍ය වූ අනන්‍යතාවයක් ගොඩනගා ගත්තෙමි.
එදා පටන් ඒ අනන්‍යතාවය රැකගැනීමට, එය ප්‍රසිද්ධ සහ ජනප්‍රිය කරවීමට, එයට ප්‍රශංසා සහ කීර්තිය අත්කරදීමට, එයට විරුද්ධ වන්නන් විනාශ කිරීමට දැඩි තණ්හාවෙන් යුතුව අරගල කළෙමි.
ඒත් ඒ අරගලය වධයක් වූ පසු සියළු ලේබල් ගලවා එම අනන්‍යතාවය අතික්‍රමණය කිරීමට, ඒ සම්ප්‍රදායට මුල් වූ සංකල්පයන්ගෙන් පරිබාහිර වූ නිදහස් චින්තනයක් ගොඩනගා ගත්තෙමි.
එදා පටන් පෙර සේම අනන්‍යතාවය වෙනුවට අළුතින් ගොඩනගා ගත් නිදහස් චින්තනය රැකගැනීමට, එය ප්‍රසිද්ධ සහ ජනප්‍රිය කරවීමට, එයට ප්‍රශංසා සහ කීර්තිය අත්කරදීමට, එයට විරුද්ධ වන්නන් විනාශ කිරීමට දැඩි තණ්හාවෙන් යුතුව අරගල කළෙමි.
නමුත් ඒ අරගලයත් කාලයත් සමග තවත් වධයක්ම විය.
අවශ්‍ය වන්නේ අනන්‍යතාවයක් හෝ චින්තනයක් නඩත්තු කිරීමට අරගල කිරීම නොව සියළුම අරගල නවත්වා දමා නැවතීමයි, නිහඬවීමයි, නිවීමයි, ශාන්තියට පත්වී සැනසීමට පත්වී නිදහසේ සිටීමයි.
එවිට අර අනන්‍යතාවයට සහ චින්තනයට අදාළ සියල්ල ඒ ඒ සම්මුති තුළ නාමමාත්රිකය.
----------------------------
On Wed, Jul 8, 2020, 10:00 PM, Lakshan Bandara
මම ද යම් විටක දී සියළු ඉගැන්වීම් අත හැර දැමුවෙමි. චින්තනය අතික්‍රමණය කළ විට, නිරාමිස සුවය විඳීමට පුළුවන. ජීවත් වීම යනු සිතීමයි. සැබෑ නිදහස් චින්තනය වධයක් නොවේ. එය බැඳීම් වලින් තොර නිදහසක්.
Add Comment
(Last Comment on Top)