My Suggestion

Edit Suggestion

Title : මනසින් තොර ලෝකයක් ඇති බව, මනසින් තොරව ඔප්පු කරන්න. Mindless World Challenge (Lakshan)
Author: Lakshan Bandara
Lakshan Bandara

Last Modified Date: 2020-08-01
Category: Religion
Article Code: 96
Keywords: Nalin de Silva, Mind, World, Proof



Article

"මනසින් තොර ලෝකයක් ඇති බව, මනසින් තොරව ඔප්පු කරන්න."
මහාචාර්ය නලින් ද සිල්වා ගේ අභියෝගය.

බැලූ බැල්මට එම අභියෝගය බිඳිය නොහැක්කක්.

නමුත්, මා එම අභියෝගය නිහතමානීව බිඳ දමන්නම්.


මනසින් තොර සාධක තිබීම, මනසින් තොර ඔප්පු වීමක්.

නමුත්, එම ඔප්පු වීම මනසින් තොරව තේරුම් ගැනීම, මහාචාර්ය තුමාගේ කාර්යයක්.


මා නිර්මාණය කළ කාටූන් වීඩියෝව (youtube video) බලන්න.

ක්‍රම 4 කින් සාධක පෙන්වා ඇත.



1. මනසේ සම්මත අර්ථය වෙනස් කිරීම.

උදාහරණයක් වශයෙන්, මනස යනු, වෘත්තාකාර සහ චතුරස්‍රාකාර පාද හතරක් ඇති වස්තුවක් නම්, මනසින් තොර ලෝකයක් පැවතිය හැකි බව, මනසින් තොරව ඔප්පු වේ.

එවැනි වස්තුවක් ලෝකයේ තිබේ ද? නැත.
ලෝකය එවැනි වස්තුවක තිබේ ද? නැත.
එනිසා, එවැනි වස්තුවකින් (මනසින්) තොරව, ලෝකය පවතී.


2. ඔබේ මනසින් තොර මගේ ලෝකයක් ඇති බව, ඔබේ මනසින් තොරව, මට පෙන්වන්න පුළුවන්.

මගේ "ලෝකය" නැමැති සාධකය, ඔබේ මනසින් තොරව පවතී.


3. ගඟකට දෙවරක් බහින්න බෑ නේ ද? ඒ වගේ ම, (සම්මත) මනසත් නිතරම වෙනස් වෙනවා. මනස-1, මනස-2 සහ මනස-3 ලෙස මනසේ අවස්ථා සැලකුවොත්, මනස-3 අවස්ථාවේ දී, මනස-1 න් තොර ලෝකයක් පවතින බව, මනස-1 න් තොරව පෙන්වන්න පුළුවන්.

වෙනස් වන සම්මත ලෙස පවතින මනස ස්ථිර නොවේ.


4. ඔබ දන්නා චතුස්කෝටික ධර්ම/න්‍යාය (Catuṣkoṭi) හෙවත් තත්‍රලේමා තර්කනය (Tetralemma) යොදන්න.

එවිට, මනසින් යුතු සහ තොර ලෝකයක් ඇති බව, මනසින් යුතුව සහ තොරව පෙන්වන්න පුළුවන්.



ඉහත සාධක 4, කෙස් පැලෙන තර්ක නම්, ඔබ කරකවා අතහැරියා වැනි අත්දැකීමක පසු වනු ඇත. ප්‍රීතියි, ප්‍රීතියි, ...

මා ඉදිරිපත් කරන 5 වන සාධකය ඔබව සන්සුන් කරාවි.


මා විසින් බුද්ධි මණ්ඩපයෙහි (Intellect Forum) පළ කරන ලද "True Harmony of Buddhism and Creator God Religions" ලිපිය කියවන්න.

මෙහි විශාල පින්තූරය නම්, පැවැත්ම සහ නොපැවැත්ම අතර සම්බන්ධයයි.

බටහිර චින්තනයෙහි පදනම (western story) සහ පෙරදිග චින්තනයෙහි පදනම (eastern story) අතර වෙනස පැහැදිලි කර ඇත.


බටහිර නිර්මාණ දේව සංකල්පයට අනුව, දෙවියන් වහන්සේ විසින්, සියළු පැවැත්ම (ලෝක) මවන ලදී.
ඔබේ සිත යනු, එම පැවැත්මෙහි කොටසක්.

පෙරදිග චින්තනයට අනුව, සියළු පැවැත්ම (ලෝක) ගොඩ නගන්නේ සිතින්.


මහාචාර්ය නලින් ද සිල්වා ගේ අභියෝගයෙහි පදනම පෙරදිග චින්තනය.

නමුත්, බටහිර චින්තනය එම "මනසින් සියළු පැවැත්ම ගොඩ නැගේ" යන පදනමට වෙනස් නිසා, මනසින් තොර ලෝකයක් පැවතීමට පුළුවන.


ඉහත සියල්ලටම වඩා හොඳම කරුණ නම්,

සිතුවිල්ල (චෛතසිකය) පවතී.
මනස/සිත/සිතන්නා (චිත්තය) නොපවතී.
Thought is existence.
Thinker (mind) is nonexistence.

ලෝකය සිතුවිල්ලක්. ලෝකය පවතී.

මනස නොපවතින නිසා, මනසින් තොර ලෝකයක් ඇති බව, මනසින් තොරව ඔප්පු වේ.


දැන් මොකද කියන්නෙ? ප්‍රතිතර්කය කියන්න.

මෙය ශාස්ත්‍රීය සංවාදයක්. මා වැනි නිදහස් චින්තකයකුගෙන් ප්‍රසිද්ධ මහාචාර්ය වරයකුට කරන සරදමක් හෝ අපහාසයක් නොවේ.



Reference:

True Harmony of Buddhism and Creator God Religions

https://www.intellectforum.com/MySuggestion.php?ArtCode=83



Video (Youtube)





Constructive Comments

Add Comment
(Last Comment on Top)



[Home]   [Suggestions]   [Election By Issue]   [Contact Us]